The use of 'BE' (lesson 01 - part 02
ANV GUIDANCE FOR ENGLISH
Lesson 01- part 02 (දෙවන කොටස)
පළමු පාඩමෙන් අපි BE පදය එසේම යෙදෙන අවස්ථා කිහිපයක් සාකච්ඡා කළෙමු. අද එතැන් සිට ...
‘Be’ පදයට ඉදිරියෙන් ස්ථාන නාමයක් යෙදීමෙන් එහි සිටින ලෙස කෙනකුට පැවසීය හැක.
Be here.(මෙතැන ඉන්න.)
Be there. (එහි / එතැන / ඔතන /අතන / ඉන්න.)
Be right here. (මෙතැනම ඉන්න.)
Be right there. (එතැනම ඉන්න.)
Here , there පද දෙක හැර අනිකුත් ස්ථාන නාමවලට මුලින් in ,on , at , with වැනි ගැලපෙන නිපාත පදයක් යෙදිය යුතුය.
Be at home. (ගෙදර ඉන්න.)
Be at school. ( පාසලේ ඉන්න.)
Be at the bus stop.(බස් නැවතුමේ ඉන්න.)
Be near the gate. (ගේට්ටුව ළඟ ඉන්න.)
Be at your table (ඔබේ මේසය ළඟ ඉන්න.)
Be at the restaurant (අවන්හල ළඟ ඉන්න.)
(කථනයේදී Be වෙනුවට stay යෙදිය හැක.( stay- නැවතී සිටින්න, රැඳී සිටින්න)
‘එපා’ යැයි පැවසීමට be පදයට මුලින් Don’t යෙදිය යුතුය. (Do not පද දෙකේ කෙටි පදය)
Don’t be late. (ප්‍රමාද වෙන්න එපා.)
Don’t be sad. (කණගාටු වෙන්න එපා.)
Don’t be angry. (තරහ)
Don’t be silly..(සිලි- මෝඩ)
Don’t be foolish. (ෆූලිෂ් - මෝඩ )
Don’t be tired. (ටයර්ඩ් - මහන්සි)
Don’t be confused. (කොන්ෆියුස්ඩ් - ව්‍යාකුල )
Don’t be scared. (ස්කෙයාර්ඩ් - බය)
Don’t be second (සෙකන්ඩ් - දෙවැනි )
Don’t be lazy (ලේෂි- කම්මැලි )
Don’t be hurry. (හරී- ඉක්මන්)
Don’t be වලට ඉදිරියෙන් පුද්ගල නාම පදයක් යොදා යම් තත්ත්වයකට පත් නොවන ලෙස කිවහැක.
Don’t be a fool. (මෝඩයෙක් වෙන්න එපා.)
------ -- a politician (පොලිටිසියන් - දේශපාලනඥයෙක්)
------ -- a traitor. (ට්‍රේයිටර් - ද්‍රෝහියෙක්.)
------ -- a naughty child ( නෝටි චයිල්ඩ් - දඟකාර ළමයෙක්.)
------ -- a lazy man (කම්මැලි මිනිහෙක් )
------ -- a destitute person (අනාථ පුද්ගලයෙක්, අසරණයෙක් )
------ -- a wretch ( අවාසනාවන්තයෙක්, කාලකන්නියෙක්) (රෙච්)
------ -- a lunatic (උන්මත්තකයෙක්, පිස්සෙක් ) (ලුනටික්)
------ -- a lier (බොරුකාරයෙක් ) (ලයර්)
------ -- a selfish man (ආත්මාර්ථකාමියෙක්)
ස්ථාන නාම පදයකට මුලින් Don’t be යොදා යම් තැනක ඉන්න එපා යැයි පැවසීය හැක.
Don’t be here. (මෙතැන ඉන්න එපා)
Don’t be there. (ඔතැන / එතැන / අතන / ඉන්න එපා.
----- -- around here in the evening. (එපා-ඉන්න-මේ හරියේ-හැන්දෑවට) (හැන්දෑවට මේ හරියේ ඉන්න එපා)
----- -- in the classroom after school. (පාසල් වේලාවෙන් පසු පන්ති කාමරයේ ඉන්න එපා.)
----- -- in the open places when it rains. (වහින විට එළිමහනේ ඉන්න එපා.)
----- -- on the rail track at any time. ( කොයිම වෙලාවකවත් රේල්පාරේ ඉන්න එපා.)
දිග වැකි ලියන විට අදාළ කොටස් ඉදිරියෙන් එකතු කෙරෙන්නේ නිපාත පදවලිනි.නිපාතය යෙදෙන්නේ සිංහලයෙහි මෙන් අගට නොව අදාළ කොටසෙහි මුලටය.
‘මා සමග තරහ වෙන්න එපා.’ යන සිංහල වැකියෙහි ‘සමග’ යන නිපාතය ‘මා’ යන්නට ඉදිරියෙන් යෙදෙන්නේ එම නිපාතයෙන් ‘මා’ යන්න සම්බන්ධ කෙරෙන්නේ ඉදිරි පදය සමග වන හෙයිනි. ඉංග්‍රිසියෙහි එය යෙදෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට ය. මේ වාක්‍ය රටාවේ කර්තෘ කෙනෙක් නැති නිසා මුලට ගන්නේ ක්‍රියා පදයයි. ඊට අනුව තර්කය ගොඩ නැගේ.
‘එපා - වෙන්න - තරහ - සමග - මා’- Don’t – be – angry – with – me. (Don’t be angry with me.)
‘ කාලය නාස්ති කරන්නේ නැතිව ළඟ එන විභාගය සඳහා හොඳින් සූදානම් වෙන්න.
වෙන්න (මොනවද ?) සූදානම් (මොකටද ?)සඳහා (මොකක් ?) ළඟ එන විභාගය(කොහොමද ?) හොඳින් (කොහොමද ) නැතිව ( මොනවද ) නාස්ති කරන්නේ (මොනවද ) කාලය.
Be - ready – for – the forthcoming exam – well – without – wasting – time.
(Be ready for the forthcoming exam well without wasting time.)
(ඔබේ දැනුම) (වර්ධනය සඳහා) (කම්මැලි) (වෙන්නේ නැතිව) (හොඳ පාඨකයෙක්) (වෙන්න.)
Be – a good reader – for the development – of your knowledge – without being – lazy.
(Be a good reader for the development of your knowledge without being lazy.)
[ඉහත වැකියෙහි ‘ඔබේ දැනුම වර්ධනය සඳහා’ යන කොටස ඉංග්‍රිසියෙහි ලියැවුණු ආකාරය කෙනකුට ගැටළුවක් වියහැක. ඉංග්‍රිසියෙහි මෙය යෙදෙන්නේ ‘ වර්ධනය සඳහා - ඔබේ දැනුම’යන ආකාරයට ය. නිපාතය මුලට යෙදේ. (for the development – your knowledge) . ‘of’නිපාතයෙන් මේ කොටස් දෙක සම්බන්ධ කළ යුතුය. (for the development of your knowledge)
(නිපාත වලින් වාක්‍යයක පද කැටි සම්බන්ධ කෙරෙන ආකාරය පසු පාඩමකදී )
වඩා දිග නොවන වැකි මෙසේ තර්කානුකූලව ගොඩනැගීමට පුහුණු වන විට ඔබ නොදැනුවත්වම වඩාත් දිග වැකි ඔබ අතින් ලියවෙනු ඇත. කියවෙනු ඇත.
Be හෝ Don’t be මුලට යොදා මේ ආකාර අලුත් වැකි තනා COMMENT කරන්න. ඔබේ මිතුරන්ට SHARE කරන්න. ස්තුතියි.
#SL
#englishteacher
#englishvocabulary
#englishgrammar
#English
#education
.
Comments
Post a Comment