The use of 'BE' (lesson 01 - part 02
ANV GUIDANCE FOR ENGLISH Lesson 01- part 02 (දෙවන කොටස) පළමු පාඩමෙන් අපි BE පදය එසේම යෙදෙන අවස්ථා කිහිපයක් සාකච්ඡා කළෙමු. අද එතැන් සිට ... ‘Be’ පදයට ඉදිරියෙන් ස්ථාන නාමයක් යෙදීමෙන් එහි සිටින ලෙස කෙනකුට පැවසීය හැක. Be here.(මෙතැන ඉන්න.) Be there. (එහි / එතැන / ඔතන /අතන / ඉන්න.) Be right here. (මෙතැනම ඉන්න.) Be right there. (එතැනම ඉන්න.) Here , there පද දෙක හැර අනිකුත් ස්ථාන නාමවලට මුලින් in ,on , at , with වැනි ගැලපෙන නිපාත පදයක් යෙදිය යුතුය. Be at home. (ගෙදර ඉන්න.) Be at school. ( පාසලේ ඉන්න.) Be at the bus stop.(බස් නැවතුමේ ඉන්න.) Be near the gate. (ගේට්ටුව ළඟ ඉන්න.) Be at your table (ඔබේ මේසය ළඟ ඉන්න.) Be at the restaurant (අවන්හල ළඟ ඉන්න.) (කථනයේදී Be වෙනුවට stay යෙදිය හැක.( stay- නැවතී සිටින්න, රැඳී සිටින්න) ‘එපා’ යැයි පැවසීමට be පදයට මුලින් Don’t යෙදිය යුතුය. (Do not පද ද...